Friday, July 25, 2014

මතකයන්


සුලගේ ලෙලෙනා මල සේ දගපා
අප පාසල් ගිය කලයේ..
යහලුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ...


ඕනම කෙනෙක්ගෙ පාසල් ජීවිතේ අමතක කරන්න බැරි මතකයන් වලින් පිරිල තියන්නෙ... ඉතින් මටත් හිතුන මගෙ පසල් ජීවිතේ කරපු පිස්සු වැඩක් ලියන්න...කවුරුත් දන්නවනෙ ... විභාගෙ ලන් වෙනකොට හෝයිය පුරේට සම්මන්ත්‍රණ පවත්වනව කියල..දන්නවනෙ ඉතින් ඔය සෙමින වල ඉන්නකොට නින්ද එනවා... යනවා.. කියල... 
       
                    මට දවසනම් මතක  kE ඵ්ත් එදා තිබුනෙ buddhist එදානම් මහම මහ චාටර් දවසක්.. හැමෝටම එපා වෙල හිටියෙ.. මට ඉතින් ඔය වෙලාවෙ හිතුන පොඩි චිට් එකක් යවන්න...
                       

                        නිදිබර දැස
                        කාන්දමක් මෙන් මාව
                        නිදි දෙව් දුව වෙත රැගෙන යාමට තැත් කරයි
                        commerce හා buddhist අච්චාරු වගේ අනේ
                         O/L වලට වඩා A/L හොද වෙයි...
                    

                  ටික වෙලාවක් යනකොට මට ආපහු ඵ් චිට් එක හම්බුනා.. ඵ්කෙ මෙන්න මහෙම දෙයක් ලියල තිබුන..
 

     නින්ද නොයෙන හැන්දෑවෙ සොදුරුයිද මොනතරම්
     බුද්ධාගම මැවී මැවී පෙනව දැන්නම්

    (ගිනිකූරක් අප ඉදිරියේ දැල්වෙමින් ඇත නිකන් නෙමෙයි බුද්ධාගම නැමැති දැල්ලෙන් ආලෝකය දෙමින්)


මාත් ඵ්කට මෙහෙම ලියල යැවුව..

                  මුත්‍රාශය පිරී ඇත
                     පස්ස හිරි වැටී ඇත
                      මොලය load වී ඇත
                           සසර ගමන short වී ඇත
                           මා දැන් බුදු වෙන්න ලන්ව ඇත
 

 හැබැයි ඵ් චිට් එක මට පාස් කරන්නනම් හම්බුනේ නෑ මොකද ඵ්ක පාස් කිරීමට ප්‍රථම Stage එක උඩ සිටි ගිනිකූර මා ලගින් දැල්වෙමින් තිබූ බැවිනි... අහෝ කේදයකී... මන් ඉතින් කියන්න ඕනෙ නෑනෙ ඊට පස්සෙ මොකද වුනේ කියල.. එදනම් ගොඩක් බය වුනා ඵ්ත් අද ඵ් සුන්දර මතකයන් මතක් වෙනකොටත් හිනා යනවා....





1 comment:

  1. අම්මෝ ඉස්කෝලෙ කාලෙ වෙච්ච සිද්ධි.... එකක් දෙකක් හැර අනිත් ඒව එකක්වත් කටක් ඇරල කියන්නවත් පුලුවන් ඒව නෙමෙයි....
    :D

    ReplyDelete

අදහසක් තියේ නම් ලියල යන්නකො...