Wednesday, July 30, 2014

ආදරේ

සිතූ සිතුමන්
පැතූ පැතුමන් 
හදෙහී දරා හිදිනෙමී
ඒ සිතුමන් 
ඒ පැතුමන්
පැතුවේ මා ඔබේ නමිනි....

අහඹුවකි අපෙ හමු වීම
සිහිනයක් මෙන් ඒ දවස
නොසිතුවත් එක් වේ යැයි කියා
අවසානයේ දුරස් වෙන්නට බැරි වුනා

හදින්මයි මා පවසන්නේ 
ඔබට ආදරේ බව...

Friday, July 25, 2014

මතකයන්


සුලගේ ලෙලෙනා මල සේ දගපා
අප පාසල් ගිය කලයේ..
යහලුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ...


ඕනම කෙනෙක්ගෙ පාසල් ජීවිතේ අමතක කරන්න බැරි මතකයන් වලින් පිරිල තියන්නෙ... ඉතින් මටත් හිතුන මගෙ පසල් ජීවිතේ කරපු පිස්සු වැඩක් ලියන්න...කවුරුත් දන්නවනෙ ... විභාගෙ ලන් වෙනකොට හෝයිය පුරේට සම්මන්ත්‍රණ පවත්වනව කියල..දන්නවනෙ ඉතින් ඔය සෙමින වල ඉන්නකොට නින්ද එනවා... යනවා.. කියල... 
       
                    මට දවසනම් මතක  kE ඵ්ත් එදා තිබුනෙ buddhist එදානම් මහම මහ චාටර් දවසක්.. හැමෝටම එපා වෙල හිටියෙ.. මට ඉතින් ඔය වෙලාවෙ හිතුන පොඩි චිට් එකක් යවන්න...
                       

                        නිදිබර දැස
                        කාන්දමක් මෙන් මාව
                        නිදි දෙව් දුව වෙත රැගෙන යාමට තැත් කරයි
                        commerce හා buddhist අච්චාරු වගේ අනේ
                         O/L වලට වඩා A/L හොද වෙයි...
                    

                  ටික වෙලාවක් යනකොට මට ආපහු ඵ් චිට් එක හම්බුනා.. ඵ්කෙ මෙන්න මහෙම දෙයක් ලියල තිබුන..
 

     නින්ද නොයෙන හැන්දෑවෙ සොදුරුයිද මොනතරම්
     බුද්ධාගම මැවී මැවී පෙනව දැන්නම්

    (ගිනිකූරක් අප ඉදිරියේ දැල්වෙමින් ඇත නිකන් නෙමෙයි බුද්ධාගම නැමැති දැල්ලෙන් ආලෝකය දෙමින්)


මාත් ඵ්කට මෙහෙම ලියල යැවුව..

                  මුත්‍රාශය පිරී ඇත
                     පස්ස හිරි වැටී ඇත
                      මොලය load වී ඇත
                           සසර ගමන short වී ඇත
                           මා දැන් බුදු වෙන්න ලන්ව ඇත
 

 හැබැයි ඵ් චිට් එක මට පාස් කරන්නනම් හම්බුනේ නෑ මොකද ඵ්ක පාස් කිරීමට ප්‍රථම Stage එක උඩ සිටි ගිනිකූර මා ලගින් දැල්වෙමින් තිබූ බැවිනි... අහෝ කේදයකී... මන් ඉතින් කියන්න ඕනෙ නෑනෙ ඊට පස්සෙ මොකද වුනේ කියල.. එදනම් ගොඩක් බය වුනා ඵ්ත් අද ඵ් සුන්දර මතකයන් මතක් වෙනකොටත් හිනා යනවා....





Thursday, July 24, 2014

මිතුරු මිතුරියනි

අම්මා සදකි මම ඵ් ලොව

 හිරුය රිදී...

ඵ් ඉර හදින් නුඹෙ ලෝකය 

එලිය උනි...

මෙලෙස,

මා පිය සෙනෙහසට මැදිව දÕකම් කරන මිතුරු මිතුරියනි නුඹ මෙලොවට වටිනා වස්තුවකි.. සිදුවන සියල්ල සිදුවන්නේ හො|gයි.. Õක් ගල්පර අතරින් ගල බසින විට එය නෙතට සුන්දර දසුනකි.. එලෙස අපගේ ජීවිත වලටද බාධක හමුවී ඵ්ව ජයගෙන ඉදිරියටම යන විට ජීවිතයී සුන්දරත්වය අත් විදිය හැකි බව නොඅනුමානයි…
ජීවිතය ජයගැනීමටන්ම් Eම දේ ගැනම ධනාත්මකව සිතන්න…  අමතක නොකරන්න සතුට උතුම්ම ධනයයි.. නීරෝගීකම උතුම්ම සැපතයි…
            පලමුව තමන්ට ආදරේ කරන්න. දෙවනුව මවටත් පියාටත් අදරේ කරන්න… ඔබගේ ලෝකය සුන්දර කල හැක්කේ ඔබට පමනයි....








කෙල්ලො සහ කොල්ලන්ගෙ ආදරය.....

හිතේ ඉන්නෙ කෙනෙක් නම්
බලන්නෙ වෙන කෙනෙක් දිහා
හිනවෙන්න එක්කෙනෙක් දිහනම් 
කත කරන්නෙ වෙන කෙනෙක් එක්ක
ආදරේ කරන්නෙ වෙන කෙනෙකුට
SMS කරන්නෙ තව කෙනෙකුට
චොක්ලට් දෙන්න එක්කෙනෙකුට
ගන්නෙ තව එක්කෙනෙක්
ඇවිදින්න යන්නෙ වෙනම කෙනෙක් එක්ක
Marry කරන්නෙ වෙන කෙනෙක්
Marry කරල ඉන්නෙ තව කෙනෙක් එක්ක
අවසනයේ මැරෙන්නවෙන්නෙ අන්න
 ඵ් කාරනේ හින්ද

සෙනෙහස

සෙනෙහස

රැයක් මිහිරිය
නුඹේ ඇසුරෙහි
  ගෙවන්නට එය වරම් ඇත්නම්
නින්ද සොදුරුය
නුඹෙ උණුසුමෙහි 
  තුරුලු වන්නට ඉඩක් දෙන්නම්...
ලොවෙහි දසුනින්
මුව වී ඉද
  සදා නුඹ හට පෙම් කරන්නම්...
මෙතෙක් මේ යැයි 
නිමවක් නැති
  සෙනෙහසින් මා ඔබ පුදන්නම්...